(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්දපුරම් ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් යුද සමයේ වළ දැමූ බව කියන රන් ආභරණ සෙවූ බව කියන පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත අති නවීන පන්නයේ පොළව යට ඇති වටිනා දේ සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක්ද සොයාගනු ලැබීය.
මුලතිව් පුදුකුඩිඉරිප්පු යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් පිරිසක් ආනන්දපුරම් ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ෙ ඔවුන් සතුව පොළව හෑරීම සඳහා යොදාගත් උපකරන රැසක් සහ ඔවුන් පැමිණි මෝටර් රථයක්ද සොයාගනු ලැබීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය කෝකිලායි ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ජාඇල, මීගමුව, වැල්ලම්පිටිය සහ කැලණිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවෝ වෙති.

